hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2022 නොවැම්‍බර් 08, ප.ව. 7:18



සිංගප්පූරුවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී අනතුරට ලක්ව මුදාගත් යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 303 දෙනා මේ වනවිට වියට්නාමයේ හැනෝයි අගනුවරට කිලෝමීටර 1800ක් දුරින් පිහිටි වුන්ග් ටාඕ වරායට රැගෙනවිත් තිබෙනවා.

ඔවුන් ආපදාවට පත්ව සිටි ලේඩි ආර් ත්‍රී නැමති යාත්‍රාවෙන් මුදාගෙන මෙලෙස එම වරායට රැගෙනවිත් ඇති බවයි ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය කියා සිටියේ.

සිංගප්පූරුවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී අනතුරට ලක්ව බේරා ගත් යාත්‍රාවේ සිටි 303 දෙනාම ශ්‍රී ලාංකිකයින් බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අතර ළමයින් විසිදෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේ දී අදාළ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයෙකු නාවික හමුදාව අමතා තමන් රැඳී සිටින යාත්‍රාව අනතුරට ලක්ව ඇති බවට දැනුම් දී තිබුණා.