hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 23, ප.ව. 2:21



සීගිරිය ගලට නැගීමට විදේශිකයකුගෙන් රුපියල් 11000ක මුදලක් ගන්නා බවත්, ඒ හේතුවෙන් එන විදේශිකයනුත් ගලට නගින්නේ නැතිව පිටව යන බවත් සීගිරිය ප්‍රදේශයේ සංචාරක මගපෙන්වන්නෝ පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ දෙසැම්බර් මාසය හොදම සංචාරක මාසය වුවත් මේ වනවිටත් විදේශිකයන් ලංකාවට පැමිණ නැති බවයි.

දෙසැම්බර් මාසය සංචාරකයන් පැමිණෙන මාසයක් බවත් නමුත් මේ වන විට සංචාරකයන් 100ක් පැමිණියේ නැති බවද පෙන්වා දෙනවා.

සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් නොමැති බවද සදහන් කරනවා.

ලංකාවට නොමැති ඩොලර් ගෙන්වා ගැනීමට ඇති හොදම ආයෝජනය සංචාරකයන් බව පෙන්වා දෙන සංචාරක මගපෙන්වන්නන් සදහන් කරන්නේ සංචාරයන් මෙරටට ගෙන්වා ගැනීමට කිසිදු සැලසුමක් නොමැති බවයි.