hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 22, පෙ.ව. 4:57



රටට ඩොලර් උත්පාදනය වන ප්‍රධානම ව්‍යාපාර අතරින් සංචාරක කර්මාන්තයට හිමි වන්නේ සුවිශේෂී වූ ස්ථානයක්.

මේ දිනවල රට තුළ පවතින ඉන්ධන හිගය, විදුලි කප්පාදුව, ගෑස් හිගය සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය හිගය නිසාවෙන් මෙරටට  සංචාරකයන් පැමිණීම විශාල වශයෙන් අඩු වී සීගිරිය සංචාරක කලාපයේ ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

සංචාරක කර්මාන්තයේ නියැලී සිටින සීගිරිය ප්‍රදේශයේ විශාල ජනතාවක් කියා සිටියේ අලි සෆාරි, ජීප් සෆාරි, කරත්ත සෆාරි හා අනෙකුත් විවිධ ක්‍රියාකාරකම් වලින් සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන් දින ගණනාවක් සීගිරියේ රැඳී සිටින බවයි.

එම නිසා සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙරට ඩොලර් වියදම් කරන බව ද පවසයි.

මේ දිනවල සංචාරකයන් සීමිත ප්‍රමාණයක් පැමිනියද පවතින දැඩි දුෂ්කරතාවයන් නිසා රටින් පිටව ගොස් තමන්ට ද රැකියාව අහිමි වී සංචාරක ව්‍යාපාර වසා දමා තිබෙන බවත් ඇතැම් ඒවා විදේශිකයන් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු සහගතව විවෘත කර ගෙන සිටින බව ද සංචාරක ක්ෂේත්‍රයේ නියැලී අය අප හා පවසා සිටියා.

විදේශිකයන් ආහාර පාන ලබා ගත් මේස පුටු, ඇඳන් මත සුනඛයන් වැනි සතුන් ලැග ගෙන සිටින අයුරු සීගිරියේ දී සංචාරක කර්මාන්තයේ කඩා වැටීම පෙන්වන දසුන් අතර වෙනවා.

එමෙන්ම සංචාරක මඟ පෙන්වන්නන්, ත්‍රීරෝද රථ ප්‍රවාහන සපයන්නන් සීගිරිය ඉදිරිපිට වී තවත් ගල් උඩ ඔවුන් වාඩිවී කාඩ් සෙල්ලම් කරන දසුන් ද සීගිරියේ මේ දිනවල දැක ගැනීමට හැකි වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම සංචාරක කර්මාන්තය කඩා වැටීම් සඳහා සෘජුව මෙම රජය වගකිවයුතු බව සංචාරක මග පෙන්වන්නෝ අවධාරණය කරනවා.

සංචාරක කර්මාන්තයට නිසි ප්‍රමුඛස්ථානයක් ලබා දීම් සිදු කරන්නේ නම් මෙතරම් සංචාරක කර්මාන්තය කඩා වැටීමක් සිදු නොවන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

එමෙන්ම ඉතා  සීමිතව ලංකාවට පැමිණ සිටින විදේශීය සංචාරකයන් කියා සිටියේ තමන් ලංකාවට දැඩි ආකර්ෂණයක් ඇති නිසා පැමිණි බවයි.

විදුලිය, ඉන්ධන සහ ගෑස් ආදී හිගය නිසා මෙරට ජනතාව පීඩනයකට පත්ව සිටින බවත් ඔවුන්ගේ රටවල් වල එවැනි දෙයක් නොමැති බව ද වර්තමාන රජය මේ සඳහා අවධානය යොමු කරන ලෙස සංචාරකයෝ ඉල්ලා සිටීමද විශේෂත්වයක්.