hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 23, ප.ව. 8:53



සමගි අධ්‍යාපන සේවක සංගමයේ උප සභාපති ලෙස කටයුතු කරනු ලබන රමිත් ගාමිණි විජේසිරි මහතාට හම්බන්තොට නගර සභාවට සමගි ජනබලවේගයේන් මෙවර තරඟ කරනු ලබන හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන අනුර ශාන්ත නමැති අය පහර දුන් බවට පහරකෑමට ලක්වූ  විජේසිරි මහතා විසින් අද (23) උදැසන හම්බන්තොට මුලස්ථාන පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

හම්බන්තොට ඉදිවින්න ප්‍රදේශයේදී අද (23) උදෑසන 7.15ට පමණ අදාළ පහර දීම සිදුකරනු ලැබූ බවයි පහර කෑමට ලක්වූ විජේසිරි  මහතා කියා සිටියේ.

පහර දුන් නාගරික මන්ත්‍රීවරයා හම්බන්තොට මත්පැන් ස්කාගාරයක් ස්ථාපිත කිරීමට කැමැත්ත ප්‍රකාශ කිරීම මෙන්ම එය පක්ෂයේ නායකවරයාගේද මතට තිත සංකල්පයටද විරුද්ද බව පවසමින් ඒ සම්බන්ධයෙන් සමගි අධ්‍යාපන සේවක සංගමය තුලදී විවේචනය කිරීම සම්බන්ධයෙන් උරණව මේ මේ ආකාරයෙන් තමන් හට පහර දුන් බවයි විජේසිරි මහතා කියා සිටියේ.

පහර කෑමට ලක්වූ විජේසිරි මහතා මේ වනවිට හම්බන්තොට මහා රෝහලට ඇතුලත්වී ඇති අතර එම පහරදීම සිදුකල සමගි බලවේගයේ අපේක්ෂකයාගෙන් හම්බන්තොට පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගැනීමට කැඳවා තිබෙනවා.

කෙසේ නමුත් මෙම පහරදීම සිදුකල බවට චෝදනා එල්ලවන හිටපු නගරරික මන්ත්‍රීවරයෙකු වන අනුර ශාන්ත මහතාගෙන් මේ සමබන්ධයෙන් කරුණු විමසිමේදී ඔහු කියා සිටියේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි බවයි.