hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2022 ජූලි 19, ප.ව. 8:40



අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඩලස් අලහප්පෙරුමට සහය පළ කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

ඒ බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් තහවුරු කළා.

මීට පෙර ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූවේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා නොකරන බවයි.

නමුත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එම තීරණයට එරෙහිව යමින් ඡන්දය ප්‍රකාශ කළ යුතු බවට මත පළ කිරීමත් සමඟ ශ්‍රීලනිපයද දෙකඩ වී තිබුණා.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙට(21) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත⁣යි.