hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2023 ජනවාරි 12, ප.ව. 5:47



පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ඇප මුදල් අද (12) දින තැන්පත් කරන අවස්ථාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් නුවරඑලිය සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලය අසල රතිඤ්ඤා දැල්විමට එරෙහිව ප්‍රදේශවාසින් පිරිසක් විරෝධය දක්වා තිබෙනවා.

සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට මිටර් 50 පමණ දුරින් කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදු කිරිමට නිතියෙන් අවසර නොමැති අවස්ථාවක ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් රතිඤ්ඤා දැල්විම නිසා සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යලය අසල පදිංචිකරුවන් දැඩි අසිරුතාවයට පත් වු බවයි ප්‍රදේශවාසින් කියා සිටියේ.