hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 12, ප.ව. 3:42



නොවැම්බර් මස විදුලි බිල නොගෙවීම හේතුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ විදුලිය විසන්ධි කළ බව විදුලිබල මණ්ඩලය පවසනවා.

රුපියල් ලක්ෂ 55කට අධික බිලක් නොගෙවීම නිසා මේ ආකාරයෙන් විදුලිය විසන්ධි කර ඇතැයි වාර්තා වනවා.

මේ වන විට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ විකාශන කටයුතු විදුලි උප්පාදන යන්ත්‍ර මගින් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා දිනකට ඩීසල් ලීටර් 3220කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වන බව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා ආරංචි මාර්ග සඳහන් කළා.