hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 07, ප.ව. 4:51



මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිචාරය මේ මස අගදී ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා සඳහන් කළේ, ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනය සමග ද යළි සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග ඊයේ (06) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, යූ ටියුබ්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීමට ද ක්‍රියාකරන බවයි.