hit counter

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:46



රටපුරා තිබෙන සියලුම සම්භාහන මධ්‍යස්ථාන (Spa) නියාමනය කර, ඒවා පවත්වාගෙන යාමට නව නීති මාලාවක් හඳුන්වාදීමට තම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.

ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් එම නියාමන ක්‍රියාවලිය සකස් කිරීමට මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේවෙතත් රට පුරා තිබෙන සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම, ඒවාට වාර්ෂික බද්දක් අයකිරීම, එම මධ්‍යස්ථානවලින් ලියාපදිංචි ගාස්තුවක් අයකිරීම ආදී කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තම සංගමය සමඟ එකඟතාවයන්ට එළැඹී තිබෙන බවයි ලංකා ස්පා සංගමයේ සභාපති ප්‍රසන්න මුණසිංහ මහතා කියා සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: