hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 13, පෙ.ව. 10:19



ඉදිරියේදී මෙරටට පැමිණෙන සංචාරකයන් ඉලක්ක කරගෙන සම්බාහන චිකිත්සකවරියන් විදේශීය රටවලින් මෙරටට ගෙන්වා ගැනීමට හෝටල් පරිපාලකයන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් සඳහා ඇති සම්බාහන චිකිත්සක ක්‍රියාවලිය සඳහා පළපුරුදු චිකිත්සකවරියන් නොමැති වීම නිසා බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ප්‍රධාන පෙළේ හෝටල්වල හා ඒ ආශ්‍රිතව පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන රැසක් වසා දමා ඇති අතර ඉදිරියේදී එම මධ්‍යස්ථාන නැවත විවෘත කර විදේශීය සංචාරකයන්ට ගුණාත්මක සම්බාහනයක් ලබා දීමට මෙම හෝටල් හිමියන් අදහස් කර ඇතැයි වාර්තා වනවා.

සංචාරක අධිකාරියේ ලියාපදිංචි ආයතන මෙලෙස විදේශීය සම්බාහන චිකිත්සකවරියන් ගෙන්වා ගැනීමට ඉල්ලුම් කළහොත් ඊට මැදිහත් වන බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ සඳහා පළමුව සංචාරක සංවර්ධන අධිකාරියේ නියමිත නිර්ණායක අනුගමනය කරමින් ලියාපදිංචි විය යුතු බවත් එවැනි ලියාපදිංචි ආයතනයක් චිකිත්සකයෙකුගේ විශේෂඥ සේවාවන් ඉල්ලා සිටින විට එය සැබැවින් ම අවශ්‍ය දැයි පරීක්‍ෂා කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා වීසා නිර්දේශ කිරීමට පෙර සංචාරක සංවර්ධන බද්ද ඇතුළු ඔවුන්ගේ මූල්‍ය කාර්ය සාධනය, බදු ගෙවීම් ආදිය පරීක්‍ෂා කර බලන බවත් ඒ මහතා සඳහන් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: