hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 මාර්තු 08, ප.ව. 12:02



කොළඹ දිස්ත්‍රික්කය තුළ දිනකට රු. 10,000/-ක පමණ ශුද්ධ ලාබයක් ලැබිය හැකි හොඳම ව්‍යාපාරයනම් ආයුර්වේද ලේබලය ගසාගත් සම්බාහන මධ්‍යස්ථානයක්  (Spa/Massage Center) පවත්වා ගෙන යාමයි.

මුළු කොලොම්තොට හා ආශ්‍රිත ප්‍රදේශ්වල වසංගතයක් ලෙස පැතිරෙන මෙම ව්‍යාපාර යනු හුදෙක් ‘‘ලිංගික ආස්වාදය’’ සපයන ජාවාරමකි. ආසන්න වශයෙන් 95%කට වඩා ස්පාවල සැබෑ යථාර්ථය මෙයයි.

එලෙසම එම යථාර්ථය හොඳින්ම දන්නේ පිරිමින් පමණි. එනම් වයස 15 සිට 80ටත් එහා පිරිමි පාර්ශ්වයයි.

කොළඹ ප්‍රදේශ 15 සහ ආශ්‍රිත නගර 10ක පමණ වපසරියක පුළුල් ගවේෂණයක් මඟින් අපි මෙහි යථාර්ථය සොයා ගත්තෙමු.

ඒ අතර ඍජුවම ගණිකා සේවය ලබාදෙන ස්ථාන සහ තෙරපිවරියන්ව අප සොයාගත් අතර ‘‘ස්පා’’ ජාවාරමේ යටිකූට්ටු වැඩ කිඩ රාශියක් පිළිබඳ විස්තර දැනගත්තෙමු.

ප්‍රථමයෙන් අපි ගල්කිස්සේ නිවසක පවත්වා ගෙනයන එක්තරා ස්පා එකකට පිවිසුනෙමු.

රු. 1000/-කට පැයක සම්බාහනයක් කර ගත හැකි අතර අපට රිසි තරුණියක් තෝරා ගත හැක. කොළඹ හතේ තවත් ශාඛාවක් පවත්වාගෙන යන මොවුන් සතුව සිටින්නේ සුරූපී අඩු වයස් තරුණියන්ය.

මහල් දෙකේම කාමර තිබෙන අතර නියමිත පරිදි ලියාපදිංචි කොට සම්මත තත්ත්වයන් යටතේ පවත්වාගෙන යන්නකි. මෙහිදී හමුවන තරුණිය කුරුණෑගල ප්‍රදේශයේ සිට පැමිණි වයස 21ක් වන තැනැත්තියකි.

‘‘අයියේ, අපි නැවතිලා ඉන්නෙත් මෙහෙම තමයි. අපිට එළියට එහෙම යන්න බෑ. තුන් වේලටම කෑම අපිට මෙහෙන් ලැබෙනවා. මේක හවුල් ව්‍යාපාරයක්. ඇඞ් එකකින් තමයි මාත් මුලින්ම මෙහෙට ආවේ. මෙතනදී එක සර් කෙනෙක් මසාජ් බෙඞ් එකට නිරුවතින් නැගලා අපිට කරන්න 5ඕන මසාජ් එක ගැන කියලා දෙනවා. අපි කස්ටමස්ලා ආවම සම්මත මසාජ් එක පැය භාගයක් විතර කරලා අන්තිමට අදාළ දේ අහනවා.

සාමාන්‍යයෙන් අපි රු. 500/-ක් හෝ 1000/-ක් ගන්නවා. මම නම් කරන්නේ සාමාන්‍යයෙන් මගේ ආරක්ෂාව බලාගෙන තමයි. ඊට එහා කිසිම දෙයකට මම එකඟවෙන්නෙ නෑ. ඒත් මම දන්නවා ගාල්ලෙ පැත්තේ ඉඳලා ආපු අක්කා කෙනෙක් අපේ සර්ගෙ ට්‍රේනිං එකේදී කෙලින්ම වැඩිහිටියන්ට සීමාවූ දේවල් කළා කියලා, එයා කස්ටමස්ලාට නොම්බරේ දීලා රෑට මේක වැහුවම හොරෙන් ජනේලෙන් පැනලා එළියට යනවා. මම මේක කරන්නේ අපේ ගෙදර ආර්ථිකය හින්දයි. අම්මායි තාත්තයි මල්ලියි විතරයි ඉන්නේ. එයාලා හිතන්නේ මම කොළඹ වැඩ කරන්නේ ෆාමසියක කියලා. සමහර කස්ටමස්ලා මට සීයලා වගේ. එක දවසක් එහෙම කෙනෙක් මට රු. 5000/-ක් දුන්නා. සමහරු 1000/-, 2000/- දෙනවා. මේ ආපු මාස 3ට මම රු. 120,000/-ක් විතර හම්බකර ගත්තා.

එම ස්පා ආයතනයේ සේවය කරන තවත් තරුණියන් දෙදෙනෙකු සමඟ කථා කිරීමට අපට හැකි වුණා. සමස්තයක් වශයෙන් ගත්කල ඔවුන් සියල්ල සුරූපී සේම වයස අවුරුදු 23ට අඩු තරුණියන්ය. මොවුන් මෙම ආයතනය තුළ අන්වර්ථ නමක් පවත්වාගෙන යන අතර තමාගේ වාරයට අනුව ලැබෙන පාර්භෝගිකයාට ඉතාමත් චාටු බසින් කථාවට අල්ලාගෙන ඇය කෙරෙහි උනන්දුව වැඩිකරව ගනියි. ඉතිරි දෑ මෙහි ලිවිය නොහැක.

මෙලෙස තවත් ස්ථානයක් පිළිබඳව අපට විශ්වාසදායී පසුබිම් තොරතුරු ලැබුණි. ඒ අනුව එහි වර්තමාන ස්ථානගතවීම සොයා අප ඇදුණේ කොළඹට ආසන්න තැනකටය. එම ස්පා ආයතනය විටින්විට තම ස්ථානය වෙනස්කොට ඇත. එහිද දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන තරුණියන් සිටින අතර, ඉන් හැටන් ප්‍රදේශයේ සිට වසරක සිට මෙම ආයතනයේ නැවතී සේවය කරන විසිතුන් හැවිරිදි එක් දරු මවක් සිටියි. ඇය ළාබල පෙනුමක් සහිත මෙම විෂය පථය හොඳ හැටි දන්නා පුරුදුකාරියකි. ඇගේ සැමියාගෙන් දැන් වෙන්ව සිටින අතර වසරක් පමණ වයසැති තම දරුවා සමඟ මෙම ස්පා එකේ සේවය කරයි. සම්බාහන ආයතනයේ හිමිකරුවන් ඇය නිහඬව ගෙනයන ලෝකයේ පැරණිතම රැකියාව පිළිබඳ නොදන්නවා විය නොහැක. ඇයගෙන් නිතරම සේවය ලබාගන්නා විශේෂිත පාරිභෝගිකයෝ කිහිපදෙනෙකු සමඟ ඈ සබඳතා පවත්වන්නීය.

උදයංගනී වැනි තවත් තරුණියන් එම ස්ථානයේ රහසිගතව එම කාර්යය කරගෙන යන බව දැනගන්නට ලැබුණේ ඇය ගෙන්මය. මෙම ස්ථානය මේ වනවිට මහරගම ආශ්‍රිතව පවත්වාගෙන යන අතර, බොහෝ ආදායමක් වසර කිහිපයක් පුරා රැස්කර ගත් ඇය මේ වනවිට වෙනත් පුරුෂයෙකු හා සරණ බැදීමට යයි. මෙම ස්ථානයේ සේවයේ යෙදුණු තවත් වසය 21හි පසුවන ළාබල තරුණියක් සම්බාහනයට තරමක් එහා ගිය ආස්වාදයක් පාරිභෝගිකයන්ට ලබාදෙන්නීය. ඒ සඳහා ඇය රු. 500 සිට 2000 දක්වා අයකරයි.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නියමිත නීතිරීති අනුව සම්බාහන මධ්‍යස්ථානයක් ඇරඹීමට සහතිකලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු සේම සුදුසු බඩු භාණ්ඩ තිබිය යුතුය. එලෙසම සුදුසුකම්ලත් තෙරපිවරියක් සිටිය යුතුය. කෙසේ හෝ මේ අවශ්‍යතා සපුරාගෙන ව්‍යාපාරිකයන් මෙවැනි ස්ථාන නීත්‍යානුකූලව ආරම්භ කරයි. මෙවැනි මධ්‍යස්ථානවල සේවය කරන තරුණ වෛද්‍යවරු ඉතා ඉහළ මාසික වැටුපක් ලබා ගන්නා අතර, තෙරපිවරියන් මඟින් විටින්විට නොමිලයේම තම කායික අවශ්‍යතා ද සපුරා ගනිති. යොවුන්වියට එළැඹුණු නමුත් විශාල ආර්ථික අපහසුතා ඇති යෞවනියන් අකමැත්තෙන් වුවද පිරිමින් සමඟ ගැවසීමට පෙළැඹෙන අතර කල්යත්ම මෙම රැකියාවේ රසය තේරුම් ගන්නා ඔවුහු කෙසේ හෝ පාරිභෝගිකයන්ගෙන් වැඩි කුට්ටියක් කඩා ගැනීමට මාන බලති.

දෙහිවල ආයුර්වේද මධ්‍යස්ථානයක ඉරේෂා අපත් සමඟ පැවසුවේ තරමක වෙනස් කතාවකි.

‘‘මම මේ රස්සාවට ඇවිත් මාස හයයි. මම පොළොන්නරුවේ ටිකක් දුෂ්කර පැත්තක ඉන්නේ. අම්මයි මල්ලියි ගෙදර ඉන්නේ. අපේ තාත්තා නැහැ. මල්ලි තවම නවය වසරේ. මේ රස්සාවට ආවේ අපේ සුදුසුකම්වලට වෙන රස්සා නැති නිසයි. මුලින්ම මම ගාමන්ට් එකක වැඩ කළා. ඒත් ඒකේ පඩි ගොඩක් මදියි. ඒකෙම හිටපු අක්කා කෙනෙක්ගෙන් තමයි මේ තැනට රස්සාවට අවේ. ආපු දවස්වල නම් මට බයයි වගේම ගොඩක් ලජ්ජ හිතුණා. සමහරුන්ගේ ඇඟවල් දැක්කම අප්‍රිය හිතුන වාර අනන්තයි. සමහරුන්ගේ ඇඟවල් මගේ අත් දෙකින් සම්බාහනය කරද්දි මාර හිරිකිතයි. ඒත් ඒකට මට පුරුදු වෙන්න වුණා. නාකි සීයල වගේම ළමයි ඉන්න මිනිස්සුත් එනවා. සමහරු බෙඞ් එකේ ඉද්දි තුවාය අඳින්නෙ නෑ. මට පෙම්වතෙක් නම් නැහැ. තවත් දවසක් නාකි සීයා කෙනෙක් ඇවිත් මට මසාජ් එපා දුවේ, ටිකක් ළඟට වෙලා ඉඳිං කියලා මගේ මුළු සර්වාංගෙම අත ගෑවා. මම ආපු මුල් දවස්වල සමහරු මට සල්ලි නොදී පැනලා ගිය අවස්ථා කීපයක් තියෙනවා.

අපිට කස්ටමස්ලාගෙන් සල්ලි ඉල්ලලා දුන්නෙ නැති වුණාම බොස්ට පැමිණිලි කරන්න බැහැ. මොකද අපි කාමරවල එහෙම බෝඞ් ගහලා තියෙන්නේ. හැබැයි සල්ලි නොදී පැනලා යන කොල්ලන්ට අයෙ එන්නනම් වෙන්නෙ නැහැ මේ පැත්තේ. මමත් මාස 3-4 යද්දී මේ පැත්තේ සෙල්ලම් ගොඩක් ඉගෙන ගත්තා. දැන් නම් මුලින්ම සල්ලි අරගෙන තමයි මසාජ් කරන්නේ.

ඉරේෂා යනු වයස 22ක තරුණියකි. තම අම්මටයි මල්ලිටයි ගාමන්ට් රස්සාවක් කරනවා යැයි බොරු කියා මෙවැනි අසම්මත ක්‍රියාවල නියැලෙන්නීය. තම දියණියන් කොළඹ ගාමන්ට්වල රස්සාවල් කරනවා යැයි හිතාගෙන දිවි ගෙවන අසරණ අම්මලා බොහොමයක් මෙහි වෙසෙති. ඒ කෙසේ නමුත් මෙම රස්සාවේ ඉතාමත් පහත් අංගයනම් සැමියා සහ දරුවන් සිටින මැදි වයසේ අම්මලා ද මෙම රස්සාව කිිරීමයි.

මෙවැනි බොහෝ දෑ අද ‘‘ස්පා’’ මුවාවෙන් සිදුවේ. ඔබගේ දියණිය හෝ බිරිය හෝ ගැන නිරතුරු අවධානයෙන් සිටින්න. තම දියණිය හෝ බිරිඳ හෝ රැකියාව කරන තැනට වරින්වර ගොස් ඇගේ රැකියාව ගැන අවධානයෙන් සිටින්න. එසේ නොමැතිව ඔවුන්ට නිදහසේ රැකියාව කිරීමට ඉඩදීම මෙවැනි කටයුතුවලින් තරුණියන් අමාරුවේ වැටීමට හේතුව බව මතක තබාගන්න.

(උපුටා ගැනීමකි)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: