hit counter

2024 දෙසැම්‍බර් මස 05 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 12, පෙ.ව. 12:02



මේ බම්බ­ල­පි­ටිය තට්ටු නිවාස සංකී­ර්ණ­යකින් ඇහෙන කතාවක්.

අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වූ පුද්ග­ල­යකු මඟින් සම්බා­හන­යක් කර­ගැ­නී­මට බම්බ­ල­පි­ටියේ තට්ටු නිවාස සංකී­ර්ණ­යක නි‍ව­ස­කට පැමිණි වෛද්‍ය­ව­ර­යකු නිරු­වත් කර වීඩියෝගත කර එම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවට තර්ජනය කර­මින් රුපි­යල් ලක්ෂ දහ­යක මුද­ලක් මාර්ග­ගත ක්‍රම­යට බැංකු ගිණු­ම­කට බැර කරවා ගනි­මින් සිදු­කළ මුදල් කොල්ල­කෑ­මක් සම්බ­න්ධ­යෙන් බම්බ­ල­පි­ටිය පොලී­සිය පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

දකුණු පළාතේ පිහිටි රෝහ­ලක සේවයේ නිරත වයස අවු­රුදු 35ක් පමණ වන වෛද්‍ය­ව­රයා කොළ­ඹට නුදුරු ප්‍රදේ­ශ­යක පදිංචිව සිටි­න්නෙක් බවයි පැවසෙන්නේ.

අන්තර්ජාලය හරහා සම්බන්ධ වූ පුද්ග­ල­යෙක් සමඟ මෙම වෛද්‍ය­ව­රයා කෙටි කාල­යක් සංවා­දයේ යෙදෙ­මින් හිත­ව­ත්ක­මක් ගොඩ­න­ඟා­ගෙන තිබී තිබේ.

වෛද්‍ය­ව­රයා පොලී­සි­යට පවසා ඇත්තේ දැන හඳු­නා­ගත් පුද්ග­ලයා තමාට යොමු කළ ලොකේ­ෂන් ඔස්සේ පසු­ගිය අට­වෙ­නිදා සවස බම්බ­ල­පි­ටියේ මහල් නිවාස සංකී­ර්ණ­ය­කට ගිය බවයි.

තමා එම නි‍ව­සට ගියේ මුද­ලට සම්බා­හ­න­යක් කර ගැනීම සඳහා බවයි වෛද්‍ය­ව­රයා පොලී­සි­යට පවසා ඇත්තේ.

නිවාස සංකී­ර්ණයේ දහ­වැනි නි‍ව­සට ගිය වෛද්‍ය­ව­ර­යාව අන්තර්ජාලය හරහා සම්බන්ධ වූ පුද්ග­ලයා විසින් පිළි­ගෙන කාම­ර­ය­කට රැගෙන ගොස් ඇති බවත්, වෛද්‍ය­ව­ර­යාට එහි දී තුවා­යක් ලබා­දෙ­මින් ඇඟ­පත සෝදා­ගෙන පැමි­ණෙන ලෙස දැනුම් දී ඇති බවත් තමා ඇඟ­පත සෝදා­ගෙන පැමිණ ඇති බැවින් නැවත සෝදා ගැනී­මක් අන­වශ්‍ය බවත් එහි දී වෛද්‍ය­ව­රයා පව­ස­මින් සම්බා­හ­නය කර ගැනී­මට සූදා­නම් වී ඇති බවයි පොලී­සිය සඳ­හන් කරන්නේ.

පොලී­සිය සඳ­හන් කරන්නේ, එම අව­ස්ථාවේ දී වෙනත් කාම­ර­යක සිටි පුද්ග­ල­යන් සිවු දෙනෙක් එ‍තැනට කඩා වැදී පැය­කට ආසන්න කාල­යක් වෛද්‍ය­ව­ර­යාව රඳ­වා­ගෙන ඇඳුම් ගලවා නිරු­වත වීඩි­යෝ­ගත කර ඇතැයි වෛද්‍ය­ව­රයා පව­සන බවයි.

එසේ ලබා­ගත් වීඩි­යෝව අන්ත­ර්ජා­ල­යට සහ සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවට තර්ජ­නය කර­මින් තමාගේ බැංකු ගිණුමේ තිබූ රුපි­යල් ලක්ෂ දහ­යක මුද­ලක් මාර්ග­ගත ක්‍රම­යට ඔවුන් ලබා­දුන් ගිණුම් අංක­ය­කට හුව­මාරු කළ බව ද වෛද්‍ය­ව­රයා බම්බ­ල­පි­ටිය පොලී­සි­යට පැමි­ණිලි කර තිබේ.

මෙම ස්ථාන­යෙන් නිද­හස්වූ පසු වෛද්‍ය­ව­රයා මේ බව තමාට හිත­වත් නීති­ඥ­ව­ර­ය­කුට පැව­සී­මෙන් පසු ඔහුගේ දැනුම් දීමට අනුව පොලී­සි­යට පැමි­ණි­ල්ලක් කර ඇත.

ඒ අනුව බම්බ­ල­පි­ටිය පොලි­සියේ නිල­ධා­රීන් වෛද්‍ය­ව­රයා සමඟ ඔහු සඳ­හන් කළ තට්ටු නිවාස සංකී­ර්ණ­යට ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ වන­වි­ටත් එම නි‍වස වසා දමා සැක­ක­රු­වන් පලා ගොස් සිටි බව පොලි­සිය සඳ­හන් කරන අතර නිවසේ හිමි­කරු ගල්කිස්ස ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු බවයි අනා­ව­ර­ණය වී ඇත්තේ.

නිවෙස් හිමියා එම නි‍වස කුලී පද­නම මත ලබා දෙන්නක් බව ද අනා­ව­ර­ණය වී ඇත.

අන්ත­ර්ජා­ලයේ වෙ‍ෙළඳ දැන්වීම් පළ කර­මින් කුලි­යට දීමට තිබූ එම නිවස පසු­ගිය බදාදා දින­කට රුපි­යල් 12,500 බැගින් වූ ගෙවීම් පද­න­මක් මත යම් පුද්ග­ල­යෙක් කුලි­යට ලබා­ගෙන තිබී ඇතැයි විම­ර්ශ­න­ව­ලින් හෙළි වී තිබේ.

එසේ තමාගේ නි‍වස කුලි­යට ගත් පුද්ග­ලයා කවු­රු­න්දැයි නිවෙස් හිමි­කරු නොදන්නා බවත් නි‍වසේ යතුර පවා ලබා දී ඇත්තේ ගල්කිස්සේ සිට ගෝල­යකු බම්බ­ල­පි­ටි­යට එවා ඔහු මඟින් බවත් අනා­ව­ර­ණය වී ඇතැයි පැවසේ.

මුදල් හුව­මාරු කළ බැංකු ගිණුම ඔස්සේ විම­ර්ශන සිදු­වන බවත් එම ගිණුම් හිමි­කරු බැංකු­වට ලබා දී ඇති ලිපි­න­යට අනුව කළ සොයා බැලී­මක දී අනා­ව­ර­ණය වී ඇත්තේ ඔහු එම ලිපි­නයේ මේ වන­විට නොමැති බවයි.

උසස් පොලිස් නිල­ධා­රීන් සඳ­හන් කළේ, තව­දු­ර­ටත් ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පැවැ­ත්වෙන බවත් ආර­ක්ෂක කැමරා දර්ශන ද විම­ර්ශන කට­යු­තු­ව­ලට යොදා­ගෙන තිබෙන බවයි.

(උපුටා ගැනීමකි)

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: