hit counter

2026 ජූනි මස 25 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 28, පෙ.ව. 12:01



මීගමුව ප්‍රදේශයේ නීතිවිරෝධිව පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 53ක සිදුකළ හදිසි පරික්ෂාවකදී ඒවායේ සේවය කළ කාන්තාවන් දෙදෙනෙකුට එඩ්ස් වැළදී ඇති බව හෙලිව තිබෙනවා.

එසේම ඒවායේ සේවය කළ කාන්තාවන් 137 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඒ අතර වයස අවුරුදු 15ක බාල වයස්කාර දැරියක්ද සිටින බව සදහන්.

අත්අඩංගුවට ගත් තරුණියන් වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කිරීමෙන් අනතුරුවයි ඉන් දෙදෙනෙකුට එඩ්ස් වැලදී ඇති බවට හෙළි වී ඇත්තේ.

මෙම වැටලීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයන් 8 දෙනෙකු ද සිටින බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: