hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 25, පෙ.ව. 1:15



ක්‍රිඩා අමාත්‍යංශය හා ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වසර තුන තුල (2020, 2021, 2022) රුපියල් බිලියන  04කට වඩා වැඩිවියදමක් දරා ව්‍යාපෘති 26ක් ක්‍රියාත්මක කොට තිබුනද ඉන් ව්‍යාපෘති 10ක් අතරමග අත්හැර දමා ඇති බැව් රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභා රැස්විමේ දි  අනාවරණය වී තිබෙනවා.

මෙකි ව්‍යාපෘති තෝරා ගැනිම නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව සිදුකොට ඇති බවත් මින් කිසිදු ව්‍යාපෘතියක් ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව හදුනාගෙන නොමැති බවද  ගිණුම්කාරක සභා රැස්විමේ දි අනාවරණය වි තිබෙනවා.

ක්‍රිඩා අමාත්‍යංශය විසින් මෙකි ව්‍යාපෘති  සදහා ප්‍රාග්ධන වියදම් ලෙස බිලියන 02ක මුදලක් සහ ක්‍රිඩා සංවර්ධන දේපාර්තමෙන්තුව විසින් ප්‍රග්ධන වියදම් ලෙස  බිලියන 02කට වඩා වැඩි මුදලක් මෙකි ව්‍යාපෘති සදහා වැයකොට තිබුණි.

විගණකාධිපති දේපාර්තමේන්තුව  විසින් මෙකි ව්‍යාපෘති  කිහිපයක් භෞතිකව විමර්ශනය කොට  ඇත.

ඒ අනුව සිමිත අරමුදල් කිසිදු අධ්‍යයනයකින් තොරව පුමුඛතා පිළිවෙළකට අනුව වියදම්කොට නොමැති බවද මෙකි කාරක සභා රැස්විමේ දි අනාවරණය වුණා.

ව්‍යාපෘති සදහා විශාල මුදලක් වැය කොට වසර ගණනාවක් කිසිදු ප්‍ර යෝජනයක් නොමැතිව පවතින බවත් මෙකි ව්‍යාපෘති පිළිබද ක්‍රිඩා  අමාත්‍යංශයෙන් ලබා දි ඇති පිළිතුරු පිළිබද සැහිමකට පත්විය නොහැකි බවද රාජ්‍ය ගිණුම්කාරක සභා රැස්විමේ දි අනාවරණය වුණා.