hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 07, පෙ.ව. 12:02



සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ ඊයේ (06) පැවති රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ සියවස් සැමරුමට එක්වෙමින්.

පැරණි ක්‍රමවේදය අනුව ඉදිරියට යාමෙන් රටට හෙට දවසක් නොමැති බවත් පසුගිය වසර කිහිපය තුළ ජාතියක් ලෙස මුහුණ දුන් කටුක අත්දැකීම මතු පරපුරට උරුම කළ නොහැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

එබැවින් නව ආර්ථික ප්‍රතිසංස්කරණ සමග ඉදිරියට යනවා හැර වෙනත් විකල්පයක් රටට නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සමග සියලු දෙනා එක්විය යුතු බවද ප්‍රකාශ කර තිබෙනවා.

බංකොලොත්භාවයට පත්ව තිබූ රට මාස 18ක් වැනි කෙටි කාලයකින් බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමට හැකි වූ බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වඩි දුරටත් කියා සිටියේ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම සේවක ප්‍රජාව සිදුකළ මෙහෙය අගය කරන බවයි.

එසේම, දැනට රට පත්ව තිබෙන ආර්ථික තත්ත්වය මනාව කළමනාකරණය නොකර ඉදිරියට ගියහොත් ඉදිරි දශකයේදී නැවතත් ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදු වන බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: