hit counter

2026 ජූනි මස 29 වන සඳුදා

2023 පෙබරවාරි 04, පෙ.ව. 8:23



අභිමානවත් 75 වන නිදහස් දින සැමරුම මේ වනවිට කොළඹ ගාලු මුවදොර පිටියේදී ආරම්භ වී තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර නිදහස් දින සැමරුම පැවැත්වෙන අද (04) දිනයේ ගාලු මුවදොර අවට මාර්ගවල විශේෂ රථ වාහන සැළැස්මක් සහ ආරක්‍ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මකයි.

නිදහස් දින සැමරුමට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මිත්‍රශීලී රටවල රාජතාන්ත්‍රික නිලධාරීන්ද මේ වන විට ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන නිදහස් දින සැමරුම් උළෙලට එක් වෙමින් සිටිනවා.