hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 16, පෙ.ව. 7:24



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කොග්ගල රේඩාර් පද්ධතියක් පිහිටුවීම සඳහා 2010 වසරේ සිට රුපියල් කෝටි 40කට අධික මුදලක් (රුපියල් මිලියන 402.8) වැයකර ඇතත් මේ දක්වා එම රේඩාර් පද්ධතිය ඉදිකොට නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම රේඩාර් පද්ධතිය ඉදි කිරීම සඳහා මිලදී ගෙන ඇති රුපියල් ලක්‍ෂ 91 ක් වටිනා උපකරණ අස්ථානගතවී ඇති බවද වාර්තා වෙනවා.

මෙම භාණ්ඩ අස්ථානගතවීම ගැන හා අසාර්ථක ව්‍යාපෘතියට වගකිවයුතු නිලධාරීන් හඳුනාගෙන රජයට සිදුව ඇති අලාභය සම්බන්ධව නිසි විගණනයක් කළ යුතු බවට නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කර ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත දැනට පවතින භාණ්ඩ හා කුලුන සහිත ගොඩනැඟිල්ල එහි නතරව සිටින යුද හමුදා බලධාරීන් වෙත තාවකාලික ප්‍රයෝජනය සඳහා පවරා ඇති බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ 2021 වසරට අදාළව නිකුත් කරන ලද විගණන වාර්තාවේ මේ බව සඳහන් කර තිබෙනවා.