hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූනි 21, පෙ.ව. 11:12



ලෝකයේ රැකියා වෙළදපොල ඉලක්ක කරගනිමින් කම්කරුවන්ගේ දරුවන්ට නොමිලේ වෘත්තීය පුහුණුව ලබාදෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

එහිදී රැකියා අහිමිවූ ශ්‍රමිකයින්ගේ පවුල්වල දරුවන්ට ප්‍රමුඛතාවය ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ

ඒ සඳහා වන පිරිවැය, සිය අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රම වාසනා අරමුදලෙන් දරන ලෙසටද ඇමැතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

ශ්‍රම වාසනා අරමුදලේ ප්‍රගතිය සහ ඉදිරි වැඩසටහන් පිළිබදව වන සාකච්ඡාවක්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවති අතර, එහිදී මේ පිළිබදව අවධානය යොමුව තිබෙන බවයි පැවසෙන්නේ.

මේ අතර, නිදහස් වෙළද කලාප කේන්ද්‍ර කරගෙන, ශ්‍රමිකයින්ගේ ගැටලු විසදීම සදහා අමාත්‍යාංශයේ මැදිහත්වීම මත ජංගම සේවා මාලාවක් ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.