hit counter

2026 සැප්‍තැම්‍බර් මස 03 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 20, පෙ.ව. 9:44



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එලොන් මස්ක් අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඒ, ඉන්දුනීසියාවේ පැවති 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව පැවැති රැස්වීමක් අතරතුර දීයි.

එහි දී මෙරට තුළ Starlink ක්‍රියාත්මක කිරීම සහ ගෝලීය Starlink ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්.

ගෝලීය “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි, එම මාධ්‍ය අංශය සඳහන් කළේ.