hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 19, පෙ.ව. 6:15



පාසල් අධ්‍යාපනය සඳහා අවශ්‍ය පාසල් උපකරණ, පොත්පත්, පෑන්, පැන්සල්, සපත්තු, බෑග් ඇතුළු පාසල් උපකරණ සියල්ලගේම මිල සීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් දෙමව්පියන් පාසල් දරුවන් මෙන්ම පාසල් ලිපි ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන හිමිකරුවන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව ඔවුහු පවසනවා.

පසුගිය වසරට වඩා සියයට දෙසිය කින් පමණ මෙම  උපකරණවල මිල ඉහළ යෑම දෙමව්පියන්ට දරා ගැනීමට නොහැකි තත්වයක් පසුවන බවත් ඇතැම් දුවාදරුවන් පාසැල් ගමන සඳහා පළඳින සපත්තු පවා නොමැතිව මේ වනවිටත් පාසල් වලට පැමිණෙමින් සිටින බව වන දෙමව්පියෝ පෙන්වා දෙනවා.

දඹුල්ල ප්‍රදේශයේ පාසල් කිහිපයක තම දරුවන් රැගෙන ආ දෙමව්පියන් බොහෝ දෙනෙකු කියා සිටියේ ලබන ජනවාරි මාසයේ තම දරුවන්ට පාසල් උපකරණ මිලදී ගන්නේ කෙසේදැයි දෙමව්පියන් මේ වනවිටත් දැඩි විමතියකි න් පසු වන බවයි.

 ඇතැම් දෙමව්පියන් කියාසිටියේ දරුවන් දෙදෙනාට වැඩි පාසල් යන පවුල්වල දෙමව්පියන්ට මෙය කිසිසේත් දරා ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බවයි.

එමෙන්ම පාසල් ප්‍රවාහන ගාස්තු උපකාරක පන්ති ගාස්තු මෙන්ම අනෙකුත් සෑම වියදමක්ම අධික වීම හේතුවෙන් රටේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට සමස්ත දරු පරපුරටම  මෙය දැඩිව බලපාන බව ඔවුහු පෙන්වා දෙනවා.

පාසල් උපකරණ ද්‍රව්‍ය අලෙවි කරන බොහෝ අලෙවි මධ්‍යස්ථානවල ව්‍යාපාරිකයන් කියා සිටියේ වෙළද සැල් වල පවතින පරණ තොග දෙමව්පියන් මිලදී ගැනීම සදහා ලොකු උනන්දුවක් සිදු කරන බවත් එහෙත් දැනට අලුතින් ලැබෙන සෑම පැන්සල, පෑන, මකන කෑල්ල, කවකටු පෙට්ටිය, පාට පෙට්ටිය, චිත්‍ර පොත ඇතුළු සියලුම ලිපි ද්‍රව්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින නිසා පාසල් උපකරණ මිලදී ගැනීම සියයට 50කින් පමණ මේ වන විටත් අඩු වී තිබෙන බවයි.

කඩිනමින් මේ පිළිබඳව රජයේ අවධානය යොමු නොමැති වුවහොත් තවත් වසර කිහිපයක් ගත වෙද්දී රටේ අනාගතයට මෙය සෘජුව බලපෑම් එල්ල කරන තත්ත්වයකට පත්වෙමින් තිබෙන බව ව්‍යාපාරික ප්‍රජාව පෙන්වා දෙනවා.

සාමාන්‍ය පිටු 40ක පොතක් රු 25ත් 30ත්  මිලක් පැවති කොපි පොතක් මේ වන විට රුපියල් 120ත් 180 දක්වා ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන බවත් මිල ඇසූ සැණින් දෙමව්පියන්ට කර කියා ගත නොහැකි තත්වයකට පත්ව ආසන වන බව ද වෙළඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙනවා.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස