hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2022 නොවැම්‍බර් 18, ප.ව. 12:19



සෙස් බද්දෙන් පාසල් උපකරණ මිල ඉහළ යන්නේ නම්  එය වෙනස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (18) පැවසුවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“සෙස් බද්ද වෙනස් කිරීම නිසා පාසල් උපකරණ වල මිල වැඩිවීමක් ගැන. ඒ පිළිබඳ විශේෂ සොයාබැලීමක් සිදුකරනවා. යම් හෙයකින් අපේ රටේ ආදේශන ආනයනයක් හෝ තියෙන සෙස් බද්දක් නිසා පාසල් දරුවන්ගේ මූලික උපකරණවලට බලපෑමක් වෙනවා නම් අපි එක වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා.”