hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 16, පෙ.ව. 12:04



පොලීසිය විසින් මත්ද්‍රව්‍ය සහ අපරාධ මර්දනය කිරීමට ක්‍රියාත්මක කළ මෙහෙයුම් අවුරුදු උත්සව සමයෙන් පසු දෙගුණ කිරීමට පියවර ගන්නා බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සදහන් කරයි.

අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩලීමට පොලීසිය සතුව ඉතා විශාල ශක්ති ප්‍රමාණයක් තිබෙන බවත් එයින් මුදාහැර තියෙන්නේ සුළු ප්‍රමාණයක් බවද පොලිස්පතිවරයා සදහන් කරයි.

පොලිස්පතිවරයා තවදුරටත් සදහන් කළේ,

” අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ කාර්ය අතිශය සාර්ථක වෙලා තිබෙනවා. සිංහල අවුරුද්දෙන් පස්සේ පාතාල මර්දනය සම්බන්ධයෙන් මෙහෙයුම්වල ස්වභාවය තවත් ත්‍රීව්‍ර කරනවා. පොලීසිය සතුව ඉතා විශාල ශක්ති ප්‍රමාණයක් තිබෙනවා.

එයින් මුදාහැර තියෙන්නේ සුළු ප්‍රමාණයයි අපරාධ හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්. මෙම අවශ්‍ය වුණොත් ඒක දෙගුණ තෙගුණ කරලා පොලීසියේ කාර්යක්ෂමතාව අඩු සහ ඵලදායීතාවය අඩු සමහර අංශ නවත්තලා ඒ නිලධාරීන් මේ මෙහෙයුම් සදහා යොමු කරනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: