hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 නොවැම්‍බර් 20, පෙ.ව. 12:02



මෙරට තුළ සීනි හිඟ වීමට කිසිදු අවස්ථාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

බදු ඉහළ නැංවීමට පෙර මෙරටට ආනයනය කළ සීනි මෙට්‍රික් ටොන් 19,000ක් තිබූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පාරිභෝගික සේවා අධිකාරිය මගින් පාලන මිලට වැඩියෙන් සීනි අලෙවි කරන ස්ථාන සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

නියමිත මිලට සීනි මිල දී ගැනීම සහ අනවශ්‍ය හිගයක් නිර්මාණය වීම වැලැක්වීම රජයේ පමණක් නොව ජනතාවගේ ද වගකීම බවයි සියඹලාපිටිය මහතා අවධාරණය කළේ.

සීනි හිඟයක් හෝ අනවශ්‍ය මිල ඉහළයාමක් සිදු වීම වලක්වා ගැනීමට රජය උපරිම කැපවන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.