2024 නොවැම්බර් 05, පෙ.ව. 9:39
ආනයනික සීනි කිලෝවක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණයක් ගෙන තිබෙනවා.
ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පසුගිය වසරේ නොවැම්බර් පළමු වැනි දින සිට වසරක කාලයක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවනු ලැබීය.
එහි වලංගු කාලය නොවැම්බර් මස පළමු වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබිණ.
අදාළ වෙළෙඳ භාණ්ඩ බද්ද දෙසැම්බර් මස 31 වන දින දක්වා දීර්ඝ කිරීමට රජය කටයුතු කර තිබෙනවා.
එයට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ.
මේ අතර, වත්මන් රජය විසින් ආහාර ද්‍රව්‍ය සඳහා පනවා ඇති බදු අඩු කරන බව පැවසුව ද ඔවුන් ද එම බදු අය කිරීමට කටයුතු කරමින් සිටින බව මනූෂ නානායක්කාර මහතා සඳහන් කර තිබෙනවා.
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 7:31
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 5:23
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 11:17
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 10:30
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:23
15-10-25
15-10-25
15-10-25
15-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
12-10-25
12-10-25