2023 නොවැම්‍බර් 09, ප.ව. 2:42
ඊශ්‍රායල – හමාස් ගැටුමෙන් මිය ගිය දෙවන ශ්‍රී ලාංකිකයා වන සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය අද (11) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන ආවා.
මෙම දේහය ඊශ්‍රායලයේ සිට ඩුබායි වෙත රැගෙන විත් , එතැන් සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්..- 579 දරන ගුවන් යානයෙන් අද (11) උදෑසන 08.37 ට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන පැමිණ තිබුණා.
මෙම දේහය භාර ගැනීම සදහා සුජිත් යටවර බණ්ඩාර මහතාගේ බිරිඳ ජයනි මධුවන්ති , 13 හැවිරිදි දුව , 09 හැවිරිදි පුතා , ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල මහ කොමසාරිස් දිනේෂ් ප්‍රියන්ත , හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොළ පරිපාලන නිලධාරී අශෝක ප්‍රේමසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටියා.
මෙම සුජිත් යටවර බණ්ඩාර මහතාගේ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (11/11 ) වෙන්නප්පුව , තුලාවෙල , මඩවලපිටිය පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත බව , ජයනි මධුවන්ති මහත්මිය පැවසුවා.
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:17