2022 නොවැම්‍බර් 13, ප.ව. 1:52
සූරියවැව – මහවැලිකඩ ආර වැවේ ඔරුවක් පෙරළී අතුරුදන් වූ දැරියන් 03න් දෙනාගේම සිරුරු මේ වනවිට සොයාගෙන තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 16 හා 18 යන වයස්වල සිටි එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙක් සහ තවත් 10 හැවිරිදි වියේ පසු වූ දැරියක්.
10 හැවිරිදි දැරියගේ සිරුර ඊයේ (12) දිනයේම සොයාගත් අතර අනෙක් සිරුරු දෙක අද පෙරවරුවේදීයි සොයාගෙන ඇත්තේ.
මෙම පිරිස රැගත් ඔරුව ඊයේ පෙරළීමෙන් එහි ගමන්ගත් 08 දෙනාගෙන් පස්දෙනෙකු බේරාගැනීමට ප්‍රදේශවාසීන් කටයුතු කළා.
කුරුණෑගල සිට දානමය පිංකමක් සඳහා සූරියවැව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි පිරිසක් මසුන් අල්ලන ඔරුවකින් මහවැලිකඩආර වැව නැරඹීම සඳහා ගිය අවස්ථාවේ ඊයේ දහවල් ඔරුව පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:27
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:27
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:19