hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 12, ප.ව. 8:00



සූරියවැව – මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරලීමෙන් දියේ ගිලුණු පුද්ගලයින් 8 දෙනෙකු අතුරින් අතුරුදන්වී සිටි තුන්දෙනාගෙන් එක් අයෙකුගේ සිරුර අද පස්වරුවේ සොයා ගැණුනාග වයස අවුරුදු 10 ක දැරියකගේ සිරුරක් මෙලෙස සොයා ගැණුනු බවයි පොලීසිය සඳහන් කළේ.

කුරුණෑගල සිට දානමය පිංකමක් සඳහා සූරියවැව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි පිරිසක් මසුන් අල්ලන ඔරුවකින් මහවැලිකඩආර වැව නැරඹීම සඳහා ගිය අවස්ථාවේ අද දහවල් ඔරුව පෙරලීයාමෙන් එහි සිටි 8 දෙනෙකු දියේ ගිලුණා.

කෙසේ වෙතත්ල මාස 8 ක බිළිඳෙකු ඇතුළු 5 දෙනෙකු මුදාගෙන රෝහල් ගත කෙරුණු අතරල ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව සඳහන්.

තවදුරටත් අතුරුදන්ව ඇත්තේ අවුරුදු 16 සහ 18 වියේ පසුවන දැරියන් දෙදෙනෙකු වන අතර සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.