hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 31, ප.ව. 1:59



2022 අංක 25 සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මෙම පනත යටතේ වාර්ෂික බදු අයකළ හැකි ආදායම රුපියල් මිලියන 120 ඉක්මවන බදු අයකළ හැකි පුද්ගලයන්මත සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්දක් පනවා තිබෙනවා.

මෙම බද්ද අනුව ඇතැම් අපනයනකරුවන්ට හා ඉතා කුඩා ලාභාංතිකයක් සහිතව මෙන්ම විශේෂයෙන්ම විදේශීය විනිමය උපයන ක්‍රියාකාරකම් සම්බන්ධ පුද්ගලයන් මෙම අනුපාතිකය ගෙවා දැමුවහොත් තම ව්‍යාපර පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට පත්වෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශයට වාර්තා වී තිබෙනවා.

ඒ් අනුව එවැනි අංශ විභාග කළ පනතේ බදු ඉවත් කිරීම වෙනුවෙන් සිදුකළ යුතු සංශෝධන පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට ජනපතිවරයා තම කැබිනට් පත්‍රිකාවෙන් සඳහන් කර තිබෙනවා.

මේ අනුව ඇතැම් ආයතන හා පුද්ගලයන් සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් වෙනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවැසුවා.