hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 08, ප.ව. 12:54



දැනට ක්‍රියාත්මක වන උපයන විට අය කරන නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සේවකයින් අතර යම් ගැටළුකාරී තත්වයක් පැන නැගී ඇති බවත්, එනිසාම ඔවුන් පත්ව ඇති අපහසුතාව හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වලට පැමිණ ඇති බවත් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දුන්නා.

උපයන විට අය කරන නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව වෘත්තිය සමිති නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීමට මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමක‍ට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

මතුව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම හා පැන නැගී ඇති ගැටළු වලට විසඳුම් වෙනුවෙන් අදහස් සහ යෝජනා ලබාගැනීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ බව ඒ මහතා පැවසුවා.

මතුව ඇති ගැටළුවලට ගතහැකි කඩිනම් විසඳුම් හා යෝජනා මෙම සාකච්ඡා තුළින් ලබාගෙන කඩිනම් කෙටිකාලීන විසඳුම් යෝජනාවක් ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද සමන් රත්නප්‍රිය මහතා සඳහන් කර සිටියා.