hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 22, පෙ.ව. 12:07



ත්‍රීරෝද රථ රියදුරන් ජංගම දුරකථන ආධාරයෙන් ගාස්තු අය කරන බැවින් එයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව එළඹෙන ජූලි (01) වැනිදා සිට මෙම නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බවත් ප්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථවල ඉහළ වම් කෙළවරේ ගාස්තු සඳහන් මීටරය මගියාට දර්ශනය වන පරිද සවිකර තිබීම අනිවාර්යය බවද එම අධිකාරිය සදහන් කරයි.

මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ රියදුරන් ජංගම දුරකථන ආධාරයෙන් ගාස්තු අයකරන්නේ නම් ඒ සම්බන්ධ පැමිණිළි 0112860860 යන අංකයට දැනුම් දෙන ලෙස ජනතාවට දැනුම්දීමක් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: