hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 02, ප.ව. 1:49



පෙට්‍රල් මිල පහත දැමුවද ත්‍රීරෝද ගාස්තු අඩු කිරීමට කටයුතු නොකරන බව ත්‍රීරෝද රථ සංගම් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ සතියකට ලබාදෙන ඉන්ධන කෝටාව සීමාසහිත බැවින් ත්‍රීරෝද රථ ගාස්තුව අඩු කිරීමට හැකියාවක් නොමැති බවයි.

සමස්ත ලංකා ත්‍රිරෝද රථහිමියන්ගේ වෘත්තීය සමිතියේ සභාපති, ලලිත් ධර්මසේකර මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,

“පෙට්‍රල් ලීටර් 5කින් 6කින් හයර් දුවනවා තියා ගෙදර වැඩවත් කරගන්න බෑ. හැබැයි මහ පාරේ හයර් දුවන්න ඕන තරම් ත්‍රීවිල් තියෙනවා. කොහොමද හයර් දුවන්නේ, අනෙක් හැමෝම රු 450ට ගහද්දි අපි ගැහුවේ පෙට්‍රල් ලීටරයක් රු 500යි එක්කෝ රු 550යි. ඒ කොහොම ද පොම්පකරුවාට අතට ගතමනාවක් දීලා කාගේ හරි QR කෝඩ් එකක් දාලා තමයි පෙට්‍රල් ගහගෙන යාන්තන් මේ රස්සාව කරගත්තේ. එහෙම තත්ත්වයක් තුළ රු 40ක් අඩුකිරීම තුළ අපිට කිසිසේත්ම ගාස්තු සංශෝධනයට යන්න බෑ. ජනතාවට සහන සලසා දෙන්න නම් ඉස්සරවෙලා කුලී ත්‍රීරෝද රථ සඳහා පෙට්‍රල් කෝටා එක වැඩිකරන්න කියලා ඉල්ලීම අපි කරනවා.”