hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 25, ප.ව. 6:59



එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් අද (25) ගිනිගෙන ඇති බව නුවරඑළිය පොලිසිය පැවසුවා.

නුවරඑළිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකින් ත්‍රිරෝද රථයට ඉන්ධන ලබා ගෙන නුවරඑළිය ලවර්ස්ලිප් ප්‍රදේශයේ පිහිටි නිවස කරා ත්‍රිරෝද රථය ධාවනය කරන අවස්ථාවේ නුවරඑළිය නගරයේ බස් නැවතුම්පලට යාබදව පිහිටි නගර සභා පුස්තකාලය අසලදි ත්‍රිරෝද රථයේ එන්ජිම දෙසින් ගින්න හටගෙන තිබෙනවා.

ත්‍රිරෝද රථය ගිනි ගන්නා අවස්ථාවේ ඒ අසල සිට පිරිසක් ගින්න පාලනය කිරිමට විවිධ අයුරින් උත්සහ කලද එය ව්‍යාප්ත වු අවස්ථාවේ ඒ අසල පිහිටි වෙලදසැලක තිබු ගිනි නිවන උපකරණයක් රැගෙන විත් ත්‍රිරෝද රථයේ ඇවිලෙමින් තබු ගින්න නිවා දැමිමට එම වෙලදසැලේ සේවකයා සමත් වි තිබෙනවා.

ත්‍රි රෝද රථය ගිනිගන්නා අවස්ථාවේ මව, පියා සහ දියණිය ගමන් කර ඇති අතර ත්‍රිරෝද රථය ධාවනය කර ඇත්තේ පියා විසින්.

ගින්නේන එම තිදෙනාට කිසිදු අනතුරක් සිදු වි නොමැති බවයි ගින්න පිලිබද පරික්ෂණ පවත්වන නුවරඑළිය පොලිසිය පවසා සිටියේ.