hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 08, ප.ව. 7:31



දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම සඳහා වන තරග විභාගයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් අයදුම්පත් කැඳවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරනවා.

ඒ සඳහා රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවයේ නිරතව සිටින වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ට අයදුම් කළ හැකියි.

දැනට උසස්පෙළ සඳහා පවතින විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් කඩිනමින් පිරවීම සඳහා මෙම පියවර ගෙන ඇත. ඉන් පසුව ඉතිරිවන අනෙකුත් පුරප්පාඩු සඳහා සෙසු උපාධිධාරීන් බඳවාගැනීමට කටයුතු කරනු ඇති බවද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරනවා.