hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 18, පෙ.ව. 9:33



පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයක් වන පොල්දූව මංසන්ධියේදී ඉකුත් 13 වනදා විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ඇති වූ උණුසුම්කාරී තත්ත්වය අතරතුර පොලිස් මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයට අයත් ත්‍රිරෝද රථයකට පහර දී එහි තිබූ කඳුළු ගෑස් උණ්ඩ සොරා ගත් සැකකරුවෙකු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරුද්ධ හට ලද තොරතුරු මත බොරැල්ල, ගෝතමී පාරේ සැකකරු සිටි කුලී කාමරයකදී කොල්ලකන ලද කඳුළු ගෑස් උණ්ඩ 50 සමඟ ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

ඉකුත් 13 වන දින මෙම උණුසුම්කාරී තත්ත්වය අතර කලහකාරී පිරිසක් මෙම පොලිස් ත්‍රිරෝද රථයට පහරදී එහි තිබූ කඳුළු ගෑස් උණ්ඩ 360ක් පැහැර ගෙන ගොස් තිබූ බව ද පොලිසිය කියා සිටිනවා.

මෙහිදී කලහකාරී ලෙස හැසිරුණු පිරිස් පොලිස් ත්‍රිරෝද රථයේ සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකුට ද පහර දී තිබූ බවත් පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශනයට අදාළ මෙම සැකකරු මෙලෙස පැහැර ගත් කඳුළු ගෑස් උණ්ඩ 50ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු 31 හැවිරිදි වියෙහි පසුවන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.