hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අප්‍රේල් 25, පෙ.ව. 9:45



ගාලු මුවදොර පැවැත්වෙන මහජන විරෝධතාවට අද (25) වන විට දින 17ක් ගතව තිබෙනවා.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙසට බලකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන මෙම විරෝධතාවයට ඊයේ පස්වරුවේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් ද එක්වුණා.

අන්තර් විශ්වවිද්‍යාල සිසුන් ඊයේ කොළඹ විජේරාම මාවත ප්‍රදේශයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවෙස වටලා දැඩි විරෝධයක් එල්ල කළා.

පසුව ඔවුන් ගලුමොවදොර විරෝධතාවයට එක් වුණා.

මේ අතර විරෝධතාකරුවන්ට තුවාල විය හැකි පරිදි ඇතැම් මාර්ග බාධක වල උල් ඇණ සවි කොට ඒවා නොපෙනෙන ලෙස සඟවා තබා ඇති අයුරු දැක ගන්නට ලැබුණා.

මේ උල් ඇණ අගල් ගණනාවක් දිග ඒවා වූ අතර එහි ගැටෙන ඕනෑම අයෙකුට ඒ මඟින් මාරාන්තික තුවාල සිදු විය හැකි ආකාරයේ ඒවායි.

කොළඹ අවට ඇතැම් මාර්ග බාධක උල් ඇණ වැනි යමක් සවි කොට කළු ඉටිකොළ වලින් සවි කොට තැබීමෙන් ජනතාවට බරපතල තුවාල සිදු විය හැකි තත්වයක් මතු කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි අවධානය යොමු වී තිබෙනවා.

නීතිඥ සංගමය නැවතත් රජයට අවධාරණය කරන්නේ පොලිස්පති, පොලිසිය හා සන්නද්ධ හමුදා ඕනෑම තත්වයකදී ක්‍රියා කළ යුත්තේ විරෝධතාකරුවන්ගේ හා ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමටත්, සාමකාමී උද්ඝෝෂණ කිරීමේ අයිතිය මෙන්ම නිදහසේ ගමන් කිරීමේ පුරවැසි අයිතිය තහවුරු කිරීම පිණිසයි.

යම්කිසි හේතුවකින් ප්‍රචණ්ඩ වාතාවරණයක් ඇති වුවහොත් එය රටට දරුණු ප්‍රතිවිපාක අත් කර දීමට තුඩු දිය හැකි බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

කුමන පාර්ශවයකින් හෝ සිදුවන කුමන ආකාරයක ප්‍රචණ්ඩත්වකින් රටට අහිතකර සහ බරපතළ ප්‍රතිඵල නිර්මාණය කරනු ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.

May be an image of text that says 'ලංකා නීතිඥ සංගමය இலங்கைச் சங்கம் BARASSOCIATION OF SRI LANKA 2022 පිරිසක් යොදවා තිබීම ගාලුමුවදොර දෙසට යොමුවත මාර්ග පදිකයන්ට පවා ගමන් කළ නොහැකි අන්දමින් බාධක යොදා ආවරණය කිරීම හේතුවෙන් ගාලුමුවදොර ජිටිය තිර්මාණය ආතතික තත්වය කෙරෙහි ලංකා අවධානය ඇතැම් බාධක වැටවලට කළු වැසුම් මගින් ආවරණය පුද්ගලයන්ට බරපතල තුවාල ඇතිවීමේ හැකියාවක් සංගමයට පෙන්වා අවස්ථාවකදීම නැවතත් තිලධාරින්ගෙන් සාමකාම් විරෝධය අයිතිය සිදුවන සිටින්නෙමු. ඉවසීමෙන් කටයුතු පොලිස් සත්තද්ධ දක්වන්නන්ගේ ආරක්ෂාව තහවුරු ඔවුහු ප්‍රතිඵල පීරිස් ජනාධිපති නීතිඳ සභාපති ලංකා නිතිද සංගමය බාලපටබැදි ලේකම් ලංකා නිති සංගමය Saliya PC Telephone Anura Meddegoda No.15 2331697, 2447134 Isuru Balapatabendi Colombo +94 2448090 E-mail Rajindh Perera Mehran Careem Web: www.basi.ik'

” The Bar Association of Sri Lanka (BASL) notes the escalation of the situation in the vicinity of the protest at Galle Face today as a result of the heavy presence of police personnel and the barricading of some of the roads leading to Galle Face where even pedestrians have been prevented from travelling . The attention of the BASL has been drawn by its members and by the public, that certain barricades have been fitted with spikes and covered with black material and that these barricades may well cause serious injuries to persons. We once again call upon the Government, the Inspector General of Police and all police officers and the armed forces to act with utmost restraint in all circumstances. They are duty bound to ensure the safety of the protesters and the public and the right of the people to dissent in a peaceful manner and also the freedom of movement of the citizen . Any violence whatsoever from whatever quarter will have serious repercussions for the country.

Signed by

Isuru Balapatabendi
Secretary BASL

Saliya Pieris PC
President BASL”