hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 8:12



රජයේ බදු ඉහළ නැංවීම නිසා කාන්තා සනීපාරක්‍ෂක තුවා මිල ඉහළ යෑමෙන් කාන්තාවන් මුහුණ දී ඇති දුෂ්කර තත්ත්වයට විසඳුම් ලබාදීමට වහා ක්‍රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහා භාණ්ඩාගාරයට උපදෙස් දී තිබෙනවා.

එම සනීපාරක්‍ෂක තුවා සම්බන්ධයෙන් දැනට පවතින බදු කිහිපයක්ම මේ අනුව ඉවත් කෙරෙනු ඇති.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කාන්තා හා ළමාරක්‍ෂක වැඩබලන කැබිනට් ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මිය දිගින් දිගටම කරුණු දක්වා තිබෙන බව වාර්තා වනවා.

මේ සනීපාරක්‍ෂක තුවා සුඛෝපභෝගී භාණ්ඩයක් නොවන බවත් කාන්තාවන්ගේ සනීපාරක්‍ෂාවට අත්‍යවශ්‍යම භාණ්ඩයක් බවත් ඇමැතිවරිය කියා සිටියා.

පාසල් දියණිවරුන්ද උද්ගතවී ඇති තත්ත්වය හමුවේ පාසල් යෑමට ද නොහැකිව අපහසුවට පත්ව ඇති බව ද ඇය සඳහන් කරනවා.