hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 23, ප.ව. 8:50



මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු 09 ක් සඳහා ඇප තැන්පත් කළත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.

ඒ, ඇයට එරෙහිව පවතින තවත් නඩුවකට අදාළවයි.

අද පස්වරුවේ ඇයට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු නවය සඳහා මුදලින් රුපියල් ලක්ෂ හතර හමාරක් සහ රුපියල් මිලියන 180 ක ශරීර ඇප තැන්පත් කිරීම සිදු කළා.

තිලිණි ප්‍රියමාලිගේ ස්වාමි පුරුෂයා, මව, පියා, සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු හිතවතුන් පිරිසක් රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප 18 ක් නඩු 09 සඳහා අධිකරණය හමුවේ තැන්පත් කරනු ලැබුවා.

එහිදී ඇයගේ සහෝදරයෙකු විසින් මාධ්‍ය වෙත තර්ජනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.