hit counter

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 15, ප.ව. 6:10



රුපියල් බිලියන ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි නැමති සැකකාරියගේ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටා ඇති ත්‍රිකෝ සමූහ ව්‍යාපාරය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම ආයතනය මහ බැංකුව යටතේ ලියාපදිංචි නොවූ ආයතනයක් බවත් මෙම ආයතනය පුද්ගලයන්ගේ තැන්පතු භාර ගැනීම සම්බන්දයෙන් මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන නියාමන දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබෙන බවද වාර්තා වෙනවා.

එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ ආයතනය විසින් සිදු කර ඇතැයි කියන වංචනික මුල්‍ය ගණුදෙණු පිළිබඳව ජන මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වීමට පෙර ඒ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මහ බැංකුවට ලැබී නොතිබුණු බවයි.