hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 27, ප.ව. 7:15



රුපියල් බිලියන 04කට අධික මූල්‍ය වංචා සම්බන්ධයෙන් මාස 03කට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි තිකෝ සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂිකා තිළිණි ප්‍රියමාලි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලද සියලුම ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුවයි.

තිළිණි ප්‍රියමාලි අදාළ මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියදී අවස්ථා දෙකක දී නීතිවිරෝධී ලෙස ජංගම දූරකතන තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් ද බන්ධනාගාරය විසින් කොළඹ දිස්ත්‍රික් උසාවියට නඩුවක් ගොනු කර තිබුණා.

එම නඩුවට ද කොළඹ දිස්ත්‍රික් උසාවියේ මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියම කළ අතර අද දහවල් එම සියලු ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට තිළිණි ප්‍රියමාලි සමත් වූ අතර එහිදී ඇය විසින් කොන්දේස් ඇප කොන්දේස් සපුරන ලද නඩු සංඛ්‍යාව 08ක්.

තිළිණි ප්‍රියමාලිට එක් නඩුවකට රුපියල් 50,000 බැගින් වන ශරීර ඇප 08ක් සහ රුපියල් මිලියන 10 බැගින් වන ශරීර ඇප 20ක් තබන ලෙසයි අධිකරණය නියෝග කරනු ලැබුවේ.

මම ඉතාම හොඳින් ඉන්නවා. ඉතාමත් විවේකි සුවයෙන් මම බන්ධනාගාරය ඇතුළෙදී සිටියා. මගේ සුවය ගැන කියනවා නම් මම හොඳන් හිටියා. මම රෝගී තත්ත්වයෙන් ඉන්නවා කියලා වාර්තා වුණේ කොහොමද කියලා මම දන්නේ නැහැ. මුදල් වංචා කියන නඩුවට අද මම ඇප මත නිදහස්වෙලා යන්නේ. ඉතින් මෙවැනි නඩු ලංකාවේ ගොඩක් තියෙනවා.. මම දන්නා තරමින්. නඩු ගොඩකට ඇප අරගෙන යනවා සහ මෙවැනි නඩු ගොඩක් අධිකරණයේ විභාග වෙනවා. මටත් එවැනි නඩුවක් තිබුණේ. ඉතින් එවැනිම නඩුවක් තිබිලා මම දන්නේ නැහැ. ඇයි මාව මේ තරම් ප්‍රසිද්ධ වුණේ කියලා. මම හිතන්නේ මාස දෙකහමාරක් පුරාවටම මාධ්‍යයෙන් මේවා වාර්තා කළා.”

“B වාර්තාවකින් මාව ඉස්සෙල්ලාම රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනකොටම මම වැරදි කාරයෙක් සහ මට දඬුවම් දීලා. කරන්න තියෙන සියලුම දේවල් ටික කරලා ඉවර වුණා මාධ්‍යයෙන්. නමුත් මට නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය කියන එකේදී ලොකු අසාධාරණයක් සිද්ධ වුණා.ගනුදෙනු කරපු අය මා එක්ක තරහයි නම් ඒ අය කවදාවත් මම හොඳයි කියලා කියන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ හැම දේම අධිකරණයේ තියෙන නඩු කටයුතු. මම තවම ඇප මත නිදහස්ව ඉන්න කෙනෙක් මිසක් නඩුවෙන් නිදහස් වුණා නෙමෙයි.