hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 28, පෙ.ව. 11:54



ගනුදෙනු කරපු අය මා එක්ක තරහයි නම් ඒ අය කවදාවත් මම හොඳයි කියලා කියන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ හැම දේම අධිකරණයේ තියෙන නඩු කටයුතු. මම තවම ඇප මත නිදහස්ව ඉන්න කෙනෙක් මිසක් නඩුවෙන් නිදහස් වුණා නෙමෙයි.”යැයි තිලිණි ප්‍රියමාලි පැවසුවා.

ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුවය අද බන්ධනාගාරයෙන් මුදාහැරි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය ඒ බව සඳහන් කළා.

එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ තිළිණි ප්‍රියමාලි,

මුදල් වංචා කියන නඩුවට අද මම ඇප මත නිදහස්වෙලා යන්නේ. ඉතින් මෙවැනි නඩු ලංකාවේ ගොඩක් තියෙනවා.. මම දන්නා තරමින්. නඩු ගොඩකට ඇප අරගෙන යනවා සහ මෙවැනි නඩු ගොඩක් අධිකරණයේ විභාග වෙනවා. මටත් එවැනි නඩුවක් තිබුණේ. ඉතින් එවැනිම නඩුවක් තිබිලා මම දන්නේ නැහැ. ඇයි මාව මේ තරම් ප්‍රසිද්ධ වුණේ කියලා. මම හිතන්නේ මාස දෙකහමාරක් පුරාවටම මාධ්‍යයෙන් මේවා වාර්තා කළා. ගනුදෙනු කරපු අය මා එක්ක තරහයි නම් ඒ අය කවදාවත් මම හොඳයි කියලා කියන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ හැම දේම අධිකරණයේ තියෙන නඩු කටයුතු. මම තවම ඇප මත නිදහස්ව ඉන්න කෙනෙක් මිසක් නඩුවෙන් නිදහස් වුණා නෙමෙයි.”

රුපියල් බිලියන 04කට අධික මූල්‍ය වංචා සම්බන්ධයෙන් මාස 03කට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි තිකෝ සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂිකා තිළිණි ප්‍රියමාලි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පිටව ගියා.