hit counter

2024 නොවැම්‍බර් මස 14 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 12, ප.ව. 5:54



මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි අද (12) බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ලබාගත් විශේෂ නියෝගයක් මත විමර්ශන කටයුත්තක් සඳහා ඇයව මෙලෙස ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.

තිළිණි ප්‍රියමාලි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පැමිණෙන අවස්ථාවේ අත්අඩංගුවේ පසුවන සැකකරුවන් හට පලඳන මාංචු යොදා තිබුණේ නැහැ.

අත්අඩංගුවට ගන්නා කාන්තාවකට ශ්‍රී ලංකාව තුළ මාංචු පැළඳීමක් සිදු නොකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි අද (12) මාංචු නොමැතිව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත පැමිණීම පිළිබඳව අදහස් දක්වමිනුයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ඒ බව ප්‍රකාශ කළේ.

එසේම අද ඇය සාමාන්‍ය ඇඳුමකින් සැරසී සිටීම ගැන ද සමාජයේ නොයෙකුත් චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ තිලිණි ප්‍රියමාලි තවමත් සැකකරුවෙක් පමණක් වීම ඇයට එවැනි ඇඳුමකින් සැරසි සිටීමේ අයිතිය පවතින බවයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: