2022 ඔක්‍තෝබර් 13, ප.ව. 6:20
පසුගියදා මුදල් වංචාවකට අත්අඩංගුවට ගත් තිළිණි ප්‍රියමාලි නැමති සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
බන්ධනාගාර ගතව සිටි සැකකාරිය සන්තකයේ තිබී ජංගම දුරකතනයක් සොයා ගැනීමත් සමග ඒ සම්බන්ධව පරීක්ෂණයක් සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණා.
ඒ අනුව අද දිනයේ තිළිණි ප්‍රියමාලි නැමති සැකකාරිය බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා පවසා සිටියේ.
එහිදී සැකකාරිය වෙත නඟා ඇති චෝදනාවට නිවැරදිකරු ලෙස බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය ඉදිරියේදී ඇය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ .
කොළඹ අතිරේක දිසා විනිසුරු තුමා විසින් මෙම චෝදනාව වැඩිදුර විභාගය සඳහා 2022.11.03 වන දින දක්වා කල් තබා තිබෙනවා.
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:17