hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 03, පෙ.ව. 9:48



ශ්‍රි ලංකා ත්‍රිපෝෂ සමාගමේ ත්‍රිපෝෂ නිෂ්පාදනය 2020 වර්ෂයේ දි  48.88% කින් අඩු වී ඇති බව ජාතික විගණන කාර්යාලය  මගින් නිකුත් කොට ඇති වාර්තාවක සදහන් වෙනවා.

මෙම වර්ෂයේ දි නොමිලේ බෙදාහැරිම සදහා අවශ්‍ය වන ත්‍රිපෝෂ අතිරේක ආහාර නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 18,854ක් ඇස්තමේන්තු කොට තිබෙනවා.

එහෙත් නිෂ්පාදනය කර තිබුණේ ත්‍රිපෝෂ මෙට්‍රික්ටොන් 5987ක්.

එහෙත් එම වර්ෂයේ දි වාණිජ අවශ්‍යතාවය සදහා සුපෝෂ මෙට්‍රික් ටොන් 2051 නිෂ්පාදනය කොට තිබූ බව විගණන වාර්තාවේ දැක්වෙනවා.

එමෙන්ම ත්‍රිපෝෂ නිෂ්පාදනයෙන් පසු ඉවත්වන ද්‍රව්‍ය විකිණිමෙන් ලැබෙන ආදායම රජයේ එකාබද්ධ අරමුදලට බැර කළ යුතුයි.

එහෙත් මෙම සමාගම විසින් 2011 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වසර 10 ක කාලයක් තුලදි එම විකුණුම් ආදායම එකාබද්ධ අරමුදලට බැර නොකිරිම නිසා රජයට අහිමි වි තිබු ආදායම රුපියල් මිලියන 152.52ක් බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා. 

නිෂ්පාදන කටයුතුවලින් පසු එසේ ඉවත්වන අමුද්‍රව්‍ය විකිණිමෙන් ලැබෙන ආදායම අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය මත  සේවක සුභසාධන ගිණුමට බැරකොට ඇති බව කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට තිබෙනවා.

ගාල්ල – ලලිත් චාමින්ද