hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 22, ප.ව. 3:43



කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා එම ධූරයෙන් ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා විසිනුයි අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ

කුරුණෑගල නගරාධිපතිවරයා විසින් මෙම වර්ෂයට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය සම්මත නොකිරීම සහ 2020 වසරේ මහ නගර සභා අයවැය සම්පාදනය හා බලාත්මක කිරීමේ නියෝග ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් මෙලෙස ධූරයෙන් ඉවත් කරන බවයි අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුවල 2022 වසරේ දෙසැම්බර් 31 සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු ධූරයෙන් ඉල්ලා අස්වූවා සේ සලකන බව ආණ්ඩුකාරවරයා සඳහන් කර ඇත්තේ.

ඔහු ඉවත් කිරීමෙන් පුරප්පාඩු වන නගරාධිපති ධූරයේ රාජකාරි ආවරණය කිරීමේ වගකීම නියෝජ්‍ය නගරාධිපතිවරයා වෙත පවරා ඇති බව ද සඳහන්.

අදාළ ගැසට් පත්‍රය පහතින්.