hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 ජනවාරි 28, ප.ව. 1:45



මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් පියරත්න මහතාගේ නිල කැබ් රථයේ ටයර් වලට තියුණු ආයුධයකින් ඇන බරපතල අලාභානි සිදු කළ වැඩ පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ එම නගර සභාවේ ම වැඩ පරීක්ෂකවරයෙක්.

කැබ් රථය නගරාධිපතිවරයා මහරගම නගර සභා ප්‍රධාන කාර්යාලයේ නවතා තිබියදී අලාභානිය සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කළා.

ඒ හේතුවෙන් කැබ් රථයේ රෝද හතරෙම හුළං බැස ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා.

සැකකරු නගරාධිපතිවරයා සමග පවතින මතභේදාත්මක තත්ත්වයක් මුල්කරගෙන එම සිද්ධිය සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකාර වැඩ පරීක්ෂකවරයා පරීක්ෂකවරයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

නුගේගොඩ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වුවා.

මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජි පි රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙනවා.