hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අප්‍රේල් 27, ප.ව. 3:35



විදේශීය සංචාරකයන් පිරිසක් සමඟ සීගිරියේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූ  තරුණ කණ්ඩායමක් ඊයේ (26) රාත්‍රියේ සීගිරි පව්ව ආසන්නයේ සීගිරිය නගරයෙහි විරෝධතාවයක නිරත වුණා.

මෙම විදේශීය සංචාරකයන් මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ තරුණ පිරිස් කියා සිටියේ රටේ පවතින තත්වය සංචාරකයන්ට   හානියක් නොවන ආකාරයෙන් පවත්වාගෙන යා යුතු බවයි.

විදේශීය සංචාරකයන් විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් කියා සිටියේ මෙරට සාමකාමී තත්ත්වයක් පවතින නිසා සුන්දර ලංකාවේ සිරි නැරඹීම සඳහා අනික් රටවල් සංචාරකයන්ට මෙහි පැමිණිෙන ලෙසයි.

ලංකාවේ ඩොලර් අර්බුදයක් පවතින වෙලාවක ලංකාවට සංචාරක ක්ෂේත්‍රය හරහා අනෙකුත් රටවල සංචාරකයන් සහයෝගය ලබා දෙන ලෙස විදේශීය සංචාරකයෝ ලෝක ජනතාවගෙන් ඉල්ලීමක් ද කරන්නට වුවා.

සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින තරුණයන් රටේ තැන තැන රැදී සිටින විරුද්ධතාකරුවන්ගෙන් රජයෙන් ඉල්ලා සිටියේ පසුගිය කාලයේ සහරාන් ප්‍රහාරය නිසාත් කොවිඩ්  නිසා රටේ සංචාරක කර්මාන්තයට දැඩි හානි සිදු වූ බවයි.

යම් මට්ටමකින් සංචාරකයන් මෙරටටට පැමිණෙන අවස්ථාවේදී දේශපාලඥයන්ගේ අවශ්‍යතාවයන් මත රට අස්ථාවර භාවයක් ඇති කරමින් යන අරගල කිරීම නිසා නැවත වරක් සංචාරක කර්මාන්තය විනාශ වී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති බවයි.

මෙම තත්තවය තේරුම් ගෙන රජය මෙන්ම විරෝධතා පවත්වන සියලුදෙනා මේ ගැන සිතා සංචාරක ක්ෂේත්‍රයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව තම අරගලය රැගෙන යන ලෙස ඔවුහු ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.