hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 20, පෙ.ව. 11:44



හික්කඩුව ඇතුළු තදාසන්න ප්‍රදේශවලට විවේකයගත කිරීමට සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන්ට යාචකයන්ගෙන් ඇති වන හිරිහැර නිසා ලංකාව එපා වී ලංකාව ගැන කලකිරීමට පත්ව ඇති බව සංචාරක මඟපෙන්වන්නෝ පවසනවා.

දරුවන් අතැතිව සිටින වැරහැලි හැඳගත් අපිරිසුදු කාන්තාවන් මෙන්ම ආබාධිත හා ආබාධිත නොවන වයස්ගත පිරිස්  සංචාරකයන් වටකරගෙන මුදල් හා වෙනත් ආධාර අයැදීම ඔවුන්ට මහත් හිරිහැරයක් බවත් ආපසු තම රටවල් කරා යෑමට තරම් කලකිරීමකට පත්ව ඇති බව ඔවුහු සඳහන් කරනවා.

මේ  සම්බන්ධයෙන් අදාළ ආයතනවල අවධානය යොමුකර සංචාරකයන් කිසියම් ප්‍රමාණයක් පැමිණෙන මේ මොහොතේ මෙයට පිළියමක් යෙදිය යුතු බව ඔවුහු පෙන්වා දෙතනවා.