hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 28, ප.ව. 5:03



2023 වසරේදී ඉතාම අබලන් තත්ත්වයේ පවතින අවුරුදු සිය ගණනක් තිස්සේ ප්‍රතිසංවිධානය නොකළ අනුරාධපුරයේ සිට ඕමන්තේ දක්වා උතුරු දුම්රිය මාර්ගය ජනවාරි 05 වනදා සිට වසා තබන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

ජනවාරි මස 5 වනදා සිට මාස 05ක කාලයක් යන තෙක් අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා දුම්රිය නැවැත්වෙන බවත් අනුරාධපුරයට පැමිණෙන මගීන් ලංකා ගමනාගමන මණ්ඩලයත් , පළාත් පුද්ගලික බස් රථත් එකතු වී අනුරාධපුරයේ සිට යාපනයට අඛණ්ඩව මගීන්ව ප්‍රවාහනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බවද පෙන්වා දෙනවා.

මෙම වර්ෂය ආරම්භ වන විට මසක දුම්රිය ආදායම මිලියන 400ක් බවත් දුම්රිය සේවාවන් පුළුල් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අගෝස්තු මාසයේ සිට සෑම මාසයකම ගෙවුණු මාස වල දුම්රිය ආදායම මිලියන දහස ඉක්මවන තත්ත්වයකට පත්ව ඇති බව ගුණවර්ධන මහතා සඳහන් කළා.

ඔහු මෙම අදහස් පළ කලේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

වර්ෂය ආරම්භය සමග සාපේක්ෂව සැසදීමේදී දුම්රිය ආදායම 150%කින් පමණ වැඩි වූ බවත් එහෙත් තවමත් පියවා ගැනීමට හැකි වී ඇත්තේ ඉන්ධන වියදම පියවා ගැනීම පමණක් බවත් වැඩිදුරටත් පෙන්වා දෙනවා.