2022 සැප්‍තැම්‍බර් 27, ප.ව. 5:36
දෙමටගොඩ දුම්රිය අංගනය තුල ධාවනය වූ දුම්රිය කඩා වැදීමෙන් පැරණි ගොඩනැගිල්ලක බරපතල අලාභ සිදු වී ඇතැයි දෙමටගොඩ පොලීසිය සඳහන් කරනවා.
නඩත්තු කටයුත්තක් සඳහා අංක අංගනයට රැගෙන ආ දුම්රිය නැවතීමේ සීමාව ඉක්මවා යාම හේතුවෙන් දුම්රිය මාර්ගයෙන් පිටතට පැන පැරණි ගොඩනැගිල්ලට කඩා වැදී මෙම අනතුර වී තිබෙනවා.
දුම්රිය රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර වී ඇති බව විමර්ශන වලදී හෙළි වී ඇතැයි පොලීසිය සඳහන් කරනවා.
අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක් සිදු කරන බව පොලිස් නිලධාරියකු පැවැසුවා.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11