hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 15, පෙ.ව. 7:03



දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වර්ෂය තුල (2021) දුම්රිය ගමන්වාර 15,188ක් අවලංගු කොට ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 18%ක් බව ජාතික විගණන කාර්යාලය මගින් දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වර්ෂයේදී දුම්රිය වාර 84,244ක් ධාවනය කිරීමට සැලසුම් කොට තිබෙනවා.

එහෙත් එම වර්ෂය තුලදි  ධාවනය කිරිමට හැකි වී ඇත්තේ දුම්රිය වාර 69,036ක් පමණක් බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගෙන 2021 වර්ෂයේ දෙසැම්බර් මස 24 සිට 28 දින දක්වා ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගයට අනුව මගීන්ට දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීමට තින්දු කර තිබෙනවා.

ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීමට ගත් තීරණය හේතුවෙන් මෙම දිනපහක කාලය තුල රජයට දෙකෝටි හතලිස්තුන්ලක්ෂ  අසුඑක්දහස් නමසියහතලිස්තුනක (24,381,943) ආදායමක් අහිමි වී ඇති බවද මෙම වාර්තාවේ සදහන් වෙනවා.

මෙම අහිමි වු ආදායම වෘත්තිය සමිතිවලින් අයකර ගැනීමට කටයුතු කළ යුතු බව විගණනය මගින් නිර්දේශ කොට තිබෙනවා.

ලලිත් චාමින්ද